Nature Friends Club

Nature Friends Club

සුරකිමු - සපුරමු

Protect and Fulfill

සොබාදහම | මානවයා | තිරසාරත්වය

Nature | Humanity | Sustainability

656

මුළු පොත්Total Books

1104

පරිසර හිතකාමීන්Nature Lovers

ජාත්‍යන්තර දැක්මGlobal Vision

ජාති, ආගම්, සහ දේශසීමා අතික්‍රමණය කරමින් සමස්ත ලෝකවාසීන්ම එකම පවුලක් ලෙස එක්ව, මිහිතලයේ සතා සිවුපාවුන්, ගහකොළ සහ සියලු ස්වාභාවික සම්පත් මනා ලෙස කළමනාකරණය කරමින්, පරිසරයත් මානව වර්ගයාත් සුරක්ෂිත වන තිරසාර ලෝකයක් (Sustainability) නිර්මාණය කිරීම.

Transcending boundaries of race, religion, and nation, uniting all people as one family to properly manage the earth's flora, fauna, and all natural resources, creating a sustainable world where both the environment and humanity are protected.

ජාත්‍යන්තර මෙහෙවරGlobal Mission

සොබාදහම, මානවයා සහ තිරසාරත්වය යන ත්‍රිවිධ පදනම මත පිහිටා ගෝලීය මට්ටමින් සම්පත් කළමනාකරණයට සහ පරිසර සංරක්ෂණයට මැදිහත් වීම. මිනිසුන්ගේ එදිනෙදා සම්පත් නාස්තිය අවම කිරීම, මව්වරුන්ගේ හා දරුවන්ගේ සුබසාධනය තහවුරු කිරීම සහ ජාතික හා ආගමික සහජීවනය තුළින් ආධ්‍යාත්මිකව පිරිපුන් විශ්වීය පුරවැසියන් පිරිසක් බිහිකිරීම.

Based on the triad of Nature, Humanity, and Sustainability, intervening globally in resource management and environmental conservation. Guiding people to minimize everyday resource waste, ensuring the welfare of children and mothers, and creating spiritually fulfilled, globally-minded citizens through national and religious harmony.

ක්‍රියාන්විතය සහ ගෝලීය මෙහෙයුම් ව්‍යුහයStrategic Framework & Global Operations

ජාත්‍යන්තර සංවිධානයක් ලෙස මෙය මූලික අංශ 4 ක් යටතේ ලොව පුරා ක්‍රියාත්මක වේ.As an international organization, this operates globally under 4 main phases.

අදියර 01: සොබාදහම සුරැකීමPhase 01: Nature Preservation

විවිධ දේශගුණික කලාපවලට ගැලපෙන රුක් රෝපණ ව්‍යාපෘති දිරිමත් කිරීම, තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කිරීම සහ ජල පද්ධතීන් පවිත්‍රව තබා ගැනීම උදෙසා ජාත්‍යන්තර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

Encouraging tree planting projects across diverse climatic zones, protecting endangered flora and fauna, and safeguarding global water systems through international initiatives.

අදියර 02: මානව ප්‍රගමනයPhase 02: Humanity & Harmony

ආර්ථික අපහසුතා සහිත දක්ෂ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය, ගැබිණි මව්වරුන් සඳහා විශේෂ පෝෂණ හා ආධාර වැඩසටහන් සහ ආගමික පිංකම් හරහා ගෝලීය සාමය හා මානව දයාව ප්‍රවර්ධනය කිරීම.

Providing educational scholarships to talented underprivileged children globally, nutritional support for pregnant mothers, and promoting global peace and humanity through religious harmony.

අදියර 03: තිරසාරත්වයPhase 03: Sustainability

ජලය, බලශක්තිය සහ ආහාර නාස්තිය අවම කරමින් 'චක්‍රීය ආර්ථිකයක්' කරා ලෝකය මෙහෙයවීම සහ ස්වාභාවික සම්පත් අවභාවිතය වළක්වාලීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ වැඩමුළු පැවැත්වීම.

Leading the world towards a 'Circular Economy' by minimizing the waste of water, energy, and food, alongside international practical workshops to prevent natural resource exploitation.

අදියර 04: ගෝලීය සන්නිවේදනයPhase 04: Global Communication

පාරිසරික පණිවිඩය ගෙන යාම සඳහා 'EARTH NEXT' වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, "Green Future Starts Today" තේමාව යටතේ ප්‍රවර්ධන කටයුතු සහ වීදි නාට්‍ය, කෙටි චිත්‍රපට මගින් ජනතා ආකල්ප වෙනස් කිරීම.

Spreading the environmental message via 'EARTH NEXT' media, "Green Future Starts Today" campaigns, and changing public attitudes globally through street dramas and short films.